Wednesday, February 17, 2010

අදරවන්තයන්ගේ දිනය දා My Name is Khan බැලුවෙමි.

අදරවන්තයන්ගේ දිනය පහුවෙලානම් ටිකක් දවස් වෙනවා. වෙන කවමදාකටත් වඩා එදා විශේශ දේවල් ටිකක් තියනවා කියන්න. සාමාන්‍යයෙන් අපි දෙන්නාම මේදවස ගැන විශේශ උනන්දුවකින් වැඩ කරන්නේ නැ. එත් මෙදා පාර අලුතෙන්ම ආපු ෆිල්ම් එක බලන්න යමු කියලතමයි කතාකරගත්තේ. හැබැයි හොදම වැඩේ කියන්නේ, ටිකට් වෙන් කරන්න අමතක උනා වගේම අපි බලන්න ගියේ ෆිල්ම් එක පෙන්නන්න පටන් අරගත්ත දෙවෙනි දවසේ.....ඇයි එ මදිවට අදරවන්තයන්ගේ දිනය..ඒ ගැන එච්චරම හිත්න්නැතුව, අපි දෙන්නත් කොළඹ liberty එක ලගට 9.30 විතර වෙනකොට ගියා... අම්මට හුඩු...පොලිම..... ටිකට් ගන්න තිබ්බ පොලිම දැක්කහම කෑ ගැස්සුනා.. මිටර් 150 විතර දිගයි පොලිම...එත් කමක් නෑ කියල දඩ බඩ ගාල ටිකට්පොලිමට සේට් වුනා.
ඔන්න දැන් පොලිමත් ටික ටික ඉදිරියට අදුනා. පැයක් විතර...මෙන්න හොල් එකේ හොල් එකේ දොරලගට කිට්ටු වෙන කොට කියාපි තව ටිකට් 10 යි තියෙන්නේ කියලා ... දැන් ඉතින් මොකද කරන්නේ...මට ඉස්සරහම තව 10 ක් විතර ඉන්නව....අතැරියේ නෑ වැඩේ තවත් බලාපොරොත්තු තියාගෙන හිටියා ටික වෙලාවක්.... ඔන්න ටිකට් දෙන කවුලුව කිට්ටුවටම අවා කියමුකෝ, තව ටිකට් 5 යි තියෙන්නෙ කියල ටිකට් කඩන කොල්ල කිවුවා....
හරි, යන්තම් ගොඩ කියලා හිත හදගෙන අනිත් පැත්තට හැරෙන්න වුනේ නෑ... මහින්ද මහත්තයගේ පොඩි පුතා ඉන්නවා යළුවො 5ක් එක්ක පොලිමේ, කියල කියාගේන තවත් පොරක් අවේ නැතෑ.....දැන් මොකද කරන්නේ..... ඉතුවෙලා තිබ්බ ටිකට් ටික කඩාගේන ගියා බලන් ඉදිද්දි...
ම්...ම්...ම් මදෑ කවදාකවත් නතුව අදරවන්තයන්ගේ දවසේ ෆිල්ම් එකක් බලන්න අවා....අපි අපිටම බැන බැන හොල් එකේන් එලියට අවා... එත් ඉතින් වඩේ අතෑරියෙම නෑ... මෙච්චර කට්ටක් කපු එකේ කොහොම හරි ෆිල්ම් එක බලනවාමයි කියල අදිශ්ඨානයේන් හවස 3.00 ෆිල්ම් එක බැලුවා....හැබැයි 1.30 ඉදන් පොලිමේ හිටියා...... :D :D.....එත් ඉතින් කට්ටක් කාලා හරි බලන්න වටින ෆිල්ම් එකක් නිසා...හිතහදගේන අපි එන අවා....

No comments:

Post a Comment

LinkWithin

Related Posts with Thumbnails