Wednesday, February 3, 2010

මේ අපේ නිදහසයි

අද 62 වෙනි නිදහස් දවසයි. ශ්‍රි ලංකිකයේක් විදිහට හිතට පුදුමාකාර අඩම්බරයකුත් අභිමානයකුත් දැනෙනවා. පොඩ්ඩක් මතක් කරන්න පහුගිය නිදහස් දින උත්සවයන්, ඊට වඩා වෙන්සක් මගේ හිතටනම් දැනෙනව....මොකද කියලා කල්පනා කරන්කොට මට මතක් වුනේ වෙන හැම පාරකම අපි නිදහස සැමරුවේ රටේ එක පලාතක විතරයි නේඩ කියලා. එත් බලන්න මෙදාපාර නිදහස සමරන්නේ මුළු රටම එකම කොඩියක් යට ඉදගේන ඒකීය රටක් අතුලේ නේද..? ඒත් මෙක කියවන සමහර අය කියයි...කොහේ තියන නිදහසක් ද....අපිට දේශපාලන නිදහසක්....භෂනයේ නිදහසක් තියනවද කියලා.
හැබැයි අපිට ඔය හැම දෙම ගැන කතා කරන්න පුලුවන් වුනේ අපිට ජීවත්වීමේ නිදහස ලැබුන නිසයි කියන එකත් මතක තියාගන්න ඔනේ. මොකද සමාන්යයේන් අපේ රටේ මිනිස්සුන්ට ඔනේම දෙයක් මතක තියේන්නේ පොඩි කාලයයිනේ.... දැනටමත් මේ රටේ හිටපු හුගක් දෙනේක්ට මේ රටේ 30 වසරක් පුරාවට යුධ්දයක් තිබ්බද කීයලත් අමතකයි. එක අපේ හැටි... නමුත් අපේ වගකීමක් වෙන්නෙ අපේ අනාගත පරම්පරාවට මේක මතක් කරලා දෙන එකයි. අදටත් අපි අපේ ඉතිහාසයේ කරපු නිදහස් අරගල ගැන මතක් කරන්නේ, කතාකරන්නේ මහත් වු අභමානයේන්. ඒ අපේ දෙමපියන් අපි තුල ඒ අභිමානය අතිවෙන විදිහට කතාන්දර කියපු නිසයි.
අම්ම අපිට වීර මද්දුම බණ්ඩාර කුමාරය ගැන...පුරන් අප්පුලාගැන කියනකොට කොච්චර නම් අභමානයක් හිතට දැනුනද.... ඉතින් ඒ අභමානය අනාගතයට උරුම කිරීම අපි හැමගේම යුතුකමක් මෙන්ම වගකීමක්ද වෙන බවයි මගේ විශ්වාසය.

ඔබ සැමට ජය...!!!

No comments:

Post a Comment

LinkWithin

Related Posts with Thumbnails