Monday, February 8, 2010

මගේ සිහිනය මට දකින්න ඉඩ අරින්න

අද 8 වෙනි සදුදා දිනයක්...ටික දවසකින් මොකුත් ලියනත් බැරි උන නිසා...මොකක්ම හරි ලියනව කියල හිතලයි වාඩි උනේ. හුගක් වෙලාවට අපි නික්න් ඉන්න වෙලාව මනෝ ගහන්න අපි පුරුදු වෙලා ඉන්නවා නේ.. මම හිතන්නේ එක අපි හැමෝටම පොදු වුන කාරණයක් කියලයි. ගැණු ළමයා ගැන , තමන්ගේ අනාගත සිහින ගැන... මෙ ඔනේ එකක් ගැන වෙන්න පුලුවන්.....
අවන්කවම කියනවනම් මමත් හොදට සිහින ලෝකවල කිමිදිලා තියනවා...අද මම ආපස්සට ටිකක් හිත යොමු කලාම මට හිතෙන්නෙ ඒ සිහින වලින් හුගාක් දෙවල ඉටු කරගන්න පුලුවන් වෙලා තියනව කියලයි...
මේ ලගදි මම කියවපු පත්තරයක දැක්ක අපි අපේ අනගතය ගැන නිතර නිතර සිහින දකින එක එම සිහින සඵල කර ගැනීමට රුකුලක් වන බව... මටත් හිතෙනවා එක අත්ත වෙන්න ඇති කියල... ඇත්තටම ටිකක් හිතලා බලන්න... සමහර දේවල් ගැන අපි කලපන්නා කරන කොට ඇස් වලට කදුලු එන තරමටම අපි සන්වේදී වෙනවා නේද කියලා....මෙගේ මතකයට එන ඒ වගේ සන්වේදි අවස්තාවන් නම් බොහොමයි....
මෙක ලියගන යන කොට මට හිතෙනවා මගේ ජීවිත කතාව ලියන්න ඔනෙයි කියල...බලමු ඒ ගැන තව ටිකක් හිතල බලලා.....
සමහරුන්නම් සිහින දකිනවට කැමති නෑ.. "නිකන් දවල් හීන බලන් නතුව ප්‍රයොජනවත් දේකට හිත යොදවපන්".. වගේ දේවල් නම් අහිලා අති හැමෝ ටම වගේ.. නමුත් අමතක කරන්න එපා....මෙ ලෝකේ හිටපු හුගාක් දාර්ශනිකයන්, විද්වතුන් , රචකයන්...වගේ බොහොමයක් දේනා සිහින දකින්නන් බව....එත් එක්කම හීන දැක්කට විතරක් මදි.. එ හීන හැබෑ කරගන්න වුවමනා ශක්තිය සහ උද්යොගය හිත තුල අති කර ගැනීමත් අවශය වෙනවා... අයෙත් හම්බවෙමු....!!!

No comments:

Post a Comment

LinkWithin

Related Posts with Thumbnails