Thursday, January 28, 2010

Apple iPod අලුත්ම එක

හොදයි අද මම කියන්න යන්නේ..අලුත් අලුත් Gadget ගැන උනන්දුවෙන් ඉන්න හැමෝගේම වගේ කතා බහට ලක් වුන මතෘකාවක් ගැනයි. ඒ වෙන මොකුත් නෙමේ, අලුතෙන්ම හදුන්වදීපු Apple iPad ගැනයි. බොහෝ දේනාගේ විචාරයන්ට අනුව, මෙමෙ නවතම iPod ඒක smartphones සහ laptops අතර වු හිදස පුරවන්නක් බවයි සැලකෙන්නේ.මන්ද යත්, මෙහි ඇති touchscreen එකෙහි විශාලත්වය සාමාන්‍ය iPod ඒකකට වඩා විශාල වීමත්, මෙහි ඇති දත්ත සැකසීමෙ අති හැකියවත් නිසයි.
  • ඇතුලත මතකයේ ප්‍රමාණය : 16 සිට 64 GB දක්වා
  • ඝනකම : අගල් 0.5
  • Bluetooth 2.1 සම්බන්ධතාවය
  • ශබ්දවාහිනීය(speekers/microphone)
  • ත්වරණමාපකය
  • මාලිමාව
  • eBook කියවනය
  • අන්තර්ජාල බාවිතය
  • චිත්‍රපට නැරබීම
  • iPhone එකේ වගේ හරව හරව ගේම් ගහන්න
  • Apple Application දාන්නත් මේකට පුලුවන්
  • බැටරි කාලය : පැය 10
  • Wi-Fi සහ 3.5 G තාක්ශණය
සහ ඒකී මෙකී නොකී සැම අවශය්‍ය පහසුකමකින්ම සම්න්විතයි. මෙතනට ඇන්නොත් හදුන්වදීමෙ වීඩියෝ පටය නරඹන්න පුලුවන්. නමුත් හැමදෙකම හොද පැත්තක් වදේම නරක පැත්තකුත් තියනවනේ....
  • මෙය පරිඝණකයක් නොවන විශාල ප්‍රමානයේ iPod Touch ඒකකී
  • වැඩ කිහිපයක් එකවර කරන්නත් බෑ
  • flash support කරන්නේත් නෑ....වෙබ් application සදහා
  • නරකම වැඩේ camera එකකුත් නෑ
  • USB port එකකුත් නෑ
  • මේසයක් උඩ හිටගස්සවලා තියන්නත් බෑ අධාරකයක් නතුව
  • ඉක්මනට වැටෙන්නත් බලනව වගේ
  • memory card slot එකකුත් නෑ...
බලන්ගියාම තියන ඒවට වඩා නැති ඒවා වඩීනේ .... :P

Tuesday, January 26, 2010

AVATAR

ඔන්න Avatar ගැන අලුත්ම ආරන්චියක් කියන්නයි හදන්නෙ. වෙන මොකුත් නෙමෙයි..... Hollywood film industry ඒක බලපොරොත්තු වුන විදිහටම Avatar movie ඒක තවත් record එකක් බිද දමන්න සමත්වෙල තියන්වා. නමුත් මෙහි අති විශෙශත්වය වන්නේ. මෙම බිද දැමුනු වාර්ථාවට පෙර හිමිකම් කිවේ Titanic movie ඒක වීමයි.සති 6ක් වැනි ඉතා කේටි කලයක් අතුලත USD 1.843 Billion අදායමක් ලබමින් Titanic වෙත පෙර පැවති USD 1.84 Billion අදායම් වර්තාව බිදදැමීමට සමත් වුවා .විචාරක අදහස් වලට අනුව Avatar තව දුරටත් වර්තාවන් බිදදමමින් USD 2 Billion ඉක්මවු අදායමක් උපයන ඇති බවටයි විශ්වස කරන්නේ

අවසානයේ ඒය එසේම සිදුවිය.

හැමදෙනාම වගෙ බලාගෙන හිටපු මොහොතට තව ටික වෙලාවයි තියෙන්නේ. මම වගේම මෙ රටේ බහුතර ජනතාව පසුගිය රාත්‍රිය නිදිවර්ජිතව ගතකල බව කාටත් නොරහසක්. දැනට පෙනේන්නට තියෙන ප්‍රතිඵල අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතා මෙරට හයවන ජනදිපති ලෙස තේරී පත්වන බව පැහැදිලිවම පේනේන්නට තිබෙන කරුණක්.
සමස්තයක් ලෙස ගත් කල ඡන්ද විමසීම සාමකමී වුනත්, ඇතැම් ස්තනයන්හිදී සුලු සුලු ප්‍රචන්ඩ ක්‍රියාවන් සිදුවී ඇති බවයි සදහන් වෙන්නේ. මෙම ප්‍රතිඵල විශ්ලේශනය කිරිමෙදී මට තෙරෙන විදිහට, මෙරට ජනතාව මෙම ජනාධිපතිවරණය 30 වසරක් පැවති දරුණු යුද්ධය නිමා කිරීමට මුල්තැන ගෙන කටයුතුකල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශට කළගුණ සලකීම සදහා පවිච්චිකර ඇති බවයි.
මැතිවරණ සමය තුල විපක්ශය විසින් ඔහු වෙත කොතෙකුත් දුශණ චොදනාවන් ඉදිරිපත් කලත් මෙම ප්‍රතිඵල අනුව පහදිලිවන්නේ මහජනතාව එය ප්‍රතික්ශේප කර අති බවත්, යුද්ධයේ වැඩි ගෞරවය මහින්දට ලබාදීමට කැමති බවත්ය. එසේම විපක්ශයේ පොදු අපේශකයා බොහොවිට යුද්ධය පිළිබද ප්‍රකශ කල කරුණුද ප්‍රතික්ශේප කර ඇති බවකි.
කෙසේ වෙත්තත් UNPසහ JVP යන දැඩි විරුද්ධ වාදී පක්ශ 2 හි අති නොගැලපීමද මෙහිදී ඉස්මතු වීමත් විශේශත්වයක්. මන්ද බොහොමයක් ආසනයන්හිදි පසුගිය ජනධි පතිවරණයට සාපේක්ශව පොදු අපෙක්ශකයට ලබී ඇති ඡන්ද ප්‍රමාණය විශාල ලෙස අඩුවීතිබීමයි.

ඔබ සැමට සුබ අනාගතයක්.... !!!

අවසානයේ ඒ දිනය උදා විය

මාස එකහාමාරකට අසන්න කලයක් හය වන විදායක ජනාධ්පති වීම සදහා අපේ රටේ තිබුණු තරගයේ තිරනත්මක දිනය උදාවි ඇත. හැමදෙනාම දන්න විදිහට ප්‍රදාන අපේක්ශකයන් දෙදෙනාම වෙනුවෙන් ඔවුන් ගේ අදාරකරුවන් වෙදිකාවන් දෙවනත් වෙන්න කරපු කැගසිම්වලතත්, මඩ ප්‍රචරයන්ටත්, විවිදාකාර වු අනුම් බනුම් සහ දෙස් දෙවෙල් වලටත් නියම පිළිතුර ලැබෙන් දිනයට පැමිණ ඇත.
සුබ අනාගතයක් වෙනුවෙන් කරලියට ආ වර්තමන ජනාධිපති තුමා සහ විස්වාසනීය වෙනසක් වෙනුවෙන් කරලියට ආ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සෙකා මහතත් කෙතරම් ජනතා ප්‍රසදයක් ලබගෙන අත්දැයි හෙට උදැසන වන විට අපට දැන ගැනීමට හැකිවනු ඇත. තිස්වසරක් රටතුල පවතියාවු දරුණු යුධමය වාතාවරණය අවසාන වීමෙන් පසුව පවත්වන පළවන ජනධිපතිවරණය වීමත් මෙමෙ මතිවරණයේ ඇති විශේශත්වයක්. ඒබැවින්ම බොහො විදේශ රටවල්ද මෙ පිලිබද වැඩි උනන්දුවකින් බලාසිටින බවකුත් දැකගත හකියි. කෙසේ උවත්, පුර්ව මතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවන්ගෙන්නම් අඩුවක් දක්නට ලෙබෙන්නේ නම් නෑ.කෙසේ වුවත් මෙහි අවසාන ජවනිකාව මෙරට ජනතාව රග දක්වණු ඇත

Tuesday, January 19, 2010

AVATAR


කවුරුත් ඉතින් මෙ දවස්වල බලන films අතර කතවට ලක්කරන මතෘකාවක් වෙන්න්නේ ජෙම්ස් කැමරුන්(James Cameron) ගේ avatar movie එකයි. මෙ වෙන කොට එය ලොකයේ වැඩිම අදායම් වාර්තාවන් තබමින් තිරගත වන බව තම්යි දැගන්න ලැබෙන්නේ.
පළමු දින 20 අතුලත US ඩොලර් බිලියන 1.36 ක මුදලක් උපයාගැනීමට සමත් වෙල තියෙනවා. එයත් IMAX/3D සිනමා ශාලා වලින් විතරක්. මෙය දෙවනි වන්නේ Titanic movie එකට විතරයි කියලයි සදහන් වෙන්නේ. මෙම විශිශ්ඨ ගන්යේ සිනමා කෘති 2 ම එකම අධය්‍යක්ශක ගෙ වීමත් විශේශත්වයක්.
මෑතකදි අcඅටර් හි ඔරිජිනල් තිර පිටපත නිකුත් වී තිබුනා....මෙතනට ඇන්නනම් එකත් බලගන්න තිබ්බ.... ඔන්න එහෙනම් ඊලග පොස්ට් එකකදි මේ ගැන වඩිපුර කතාකරන්න තියල දැනට නවතිනම්.

නොදන්න පළාතක දන්න විදිහට ඉන්න google ගෙන් උදවුවක් ගන්න

ආයෙමත් කියන්න යන්නේ googleලගෙම වැඩක් ගැන. ඔන්න ඉතින් අයේ පිටරටකට ගියම එහෙමත් නැත්නම් නොදන්න පලතකට ගියාම කෑම ටිකක් කන්න රෙස්ටුරන්ට් එකක් එහෙමත් නැත්නම් පොඩ්ඩක් රත් වෙන්න බාර් එකක් හරි බැංකු වක්,ATMඑකක් තියන තැනක් දැන ගන්න කරදර වෙන්න ඔනෙ නෑ. මොකද කියනව නම් google මගින් අලුතෙන්ම ක්‍රියාත්මක කරලා near me කියන feature එක මගින් ඒ හමදෙයක්ම ලේසියෙන්න්ම දැන ගන්න පුලුවන්.ඔයාලට හිතෙන්න පුලුවන් මොන වගෙ special මෘදුකන්ගයන් මෙ සදහා අවශය්‍ය ද කියලා. නෑ වෙන මොකුත්ම ඔනේ නෑ දැන් එය Android phones (v2.0.1 and up) and iPhones (OS 3.x) වලින් ලබා ගන්න පුලුවන්. ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි. web browser එකට ගිහිල්ලා google.com වලට ගිහින් එහි ඇති Near me කියන අයිත්තමට අනින්න.
ඒවිට ලැබෙන window එකෙන් එය ඔබට අවශය පරිදි සකස්කරගෙන වඩත් පසසුවෙන් තමන්ගෙ වුවමනාව සඵල කර ගන්න පුලුවන්....බලන්න තක්ශණයේ දියුණුව... :)
ඔන්න එහෙනම් මෙකත් බලලම ඉන්නකො...!!!

Monday, January 18, 2010

googleලගේ අලුත් වැඩක්


පහුගිය දවස් වල හුගාක් දෙනා කතා කරපු මතෘකාවක් වුනේ google සමගමෙන් පලමු වරට හදුන්වාදුන් HTC Google Nexus phone එකයි. වාර්තා වුන විදිහට මෙය ඉතා අනර්ඝ smart phone එකක්. බොහො දෙනාගේ අදහස් වලට අනුව මෙම smart phone එක සදහා ඉතා හොද ඉල්ලුමක් පවතිය යුතුව පවතුනත් පළමු හදුන්වාදීමෙන් පසුව වාර්තාවන්ට අනුව පළමු සතිය අතුලත් විකිණී ඇත්තේ 20000 ක් පමණි. මෙය google සමගමේ පළමු smart phone එක අසාර්තක වුවදැයි මත පලවෙමින් පවතිනවා. කෙසේ වෙතත් google සමගමට අනුව පළමු වසර අතුලත මිලියන 2 ක් හො 3 ක Nexus smart phone අලවියක් ඔවුන් බලපොරොත්තු වෙනවා.
නමුත් ඔබ මතකයට මෙයත් සදහන් කෙරීමට කමතියි.....මෙය තමා එකම shipping SIM free phone එක USA, Hong Kong සහ
Singapore යන රටවල්වලට. කෙසේ වෙතත් මෙම ලිස්ට් එක වඩිවෙනකොට අලෙවියත් වඩිවේ කියලයි මාද්‍යවාර්තා සදහන් කරන්නේ....

Monday, January 11, 2010

මේ අපේ දේශයයි

ඊයේ පෙරේදා දවසක අන්තර්ජාලයේ සැරිසරනකොට ශ්‍රී ලංකාවේ අපි හැමොටම සතුටු වෙන්න පුලුවන් විදිහේ ප්‍රව්‍රතියක් දකින්න ලබුනා. ඒක තමයි නිවුයොර්ක් ටයිම්ස් කියන අමෙරිකවේ ප්‍රධාන සගරවකින් 2010 වසරෙදී සන්චාරයකයන්ට සන්චාරයන් සදහා වඩාත්ම සුදුසු ස්තානයන් 30 කින් ශ්‍රී ලංකාව පළමු ටැනට තොරා තිබීමයි.

ඔවුන් මෙමෙ ලිපිය මගින් ශ්‍රී ලංකාවෙ පසුගිය පැවති යුධමය වතාවරන්යත් ඒය නිමාවීමෙන් පසුව රට තුල අති සමකාමී වතාවරනයත් වඩාත් සවිස්තරාත්මකව දක්ව තියෙනවා. ඉතින් ශ්‍රී ලංකීකයන් විදිහට අපි කෙතරම් ආඩම්බර විය යුතුද....
ඒ විතරක් නෙමෙයි මෙම ලිපියෙන් ඔවුන් තව දුරටත් අපෙ රටේ අති ස්වාභාවික සුන්දරත්වය පිලිබද වඩි විස්තර දක්වා තියෙනවා....
මෙතනින් ඇනල ඒ ලිපිය කියවන්න ඔයාලටත් පුලුවන්.

Sunday, January 10, 2010

මොකද්ද මේ Ogmanted reality.....


ඔන්න ඉතින් අද කියන්න යන්නේ ටිකක් අලුත් විදිහේ gadget එකක් ගැන. අහලා තියනවද Ogmanted reality ගැන.එහෙනම් Virtual reality ගැන,Virtual Reality කියන්නේ අපි හමොම දන්න විදිහට, අතාත්වික කිසියම් දෙයක්,සිදුවීමක්,තාත්වික ලෙස දැනිමට සැලැස්වීමයි.උදාහරණයක් ලෙසකියුවොත් වර්තමානයේ ගුවන් නියමුවන් පුරුදු පුහුණු කිරීමට යොදාගන්නා simulators හැදින් විය හැකියි. එවගේම ඉන් ඔබ්බට දියුණු වුන

තාක්ශනයට තම Ogmanted reality කියනේ.

හරි දැන් මම කියන්නම් මෙහි ප්‍රයොගික යෙදීම් මොනවද කියලා. ඔය කවුරුහරි 3 idiots කියන හින්දි film එක බලුවනම් එකෙත් මේ කියන තාක්ශණය බාවිතා කරපු අවස්තාවක් තියනවා.

මෙහි ඒක් උදාහරණයක් ලෙස, මම මේ කියන්න යන උපකරණය සලකන්න පුලුවන් මෙය කුඩා helicopter වගේ දෙයක්. අපිට දුරස්ත පලකයක් මගින් පලනය කරන්න පුලුවන්. මෙහි තිබෙන කැමරා මගින් එ මොහොතේ කැමරාවේ සටහන් වන දර්ශන සජීවීව දුරස්ත පලකයේ අති තිරය මතට ලබාගැනිමේ හැකියාව පවතිනවා. මෙහි ඇති නවතම සොයගනීම වන්නේ...සිව් පැති ඇති මෙම කුඩා උපකරණය iPhone හො iPod touch මගින් පලණය කිරීමෙ හැකියව ලබදීමයි. මෙය AR.Drone ලෙස හදුන්වනවා. මෙහිදී උපකරණය සහ iPhone එක අතර සම්බන්දතාවය අහිකරනුයි Wi-Fi හි ඇති විස්මිත හැකියව නිසායි.

මෙන්න මේ පහළින් ඇනලා ඒ ගැන වැඩි විස්තර බලා ගන්න පුලුවන් වේයි.මෙතනට අනින්න. මෙම උපකරණයෙන් තවත් video ක්‍රිඩා වගේ එවත් කරන්න පුලුවන්. එක බලන්නමෙතෙන්ට අනින්න. දැනට අති, අයෙත් මෙවගේම අලුත් දෙයක් එක්ක හම්බවෙමු.

Saturday, January 2, 2010

සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

2009 අවුරුද්දත් ගෙවිලා ගියා හමොටම නව බලපොරොත්තු පොදිබැද ගත්ත තවත් අවුරුද්දක් උදාවෙලා. පොඩ්ඩක් ආපස්සට හැරිල බලන්න.....අපි අපේ ජීවිතවලින් කොච්චරනම් කලයක් ගෙවිලා තියනවද...? ඒ කාලයතුල අපි අපෙ කැමැත්තට අනුව වැඩකරලා තියෙන්නේ කොච්චර ටික කාලයක්ද...? අපේ වුවමනාවන්ට අනුව අපේ බලපොරුත්තු ඉ‍ටු කරගන්න කොච්චර අඩු කලයක්ද කැප කරල තියෙන්නෙ....එහෙම නේද...?
අපි ඉන්න මේ සමජය වෙනුවෙන් මොනවද කරල තියෙන්නේ...තමන්ගේ දෙමාපියන් වෙනුවෙන් මොනවද කරල තියෙන්නේ....
පොඩ්ඩක් හිතන්න...
අපෙ අතින් අනිත් අයගෙ හිත් රිදෙන දෙවල් කොච්චරනම් කියවිලා අත්ද...? අපේ අතින් කොච්චරනම් අතපසුවීම් වෙලා අත්ද..?
ඔබම තිරණය කරන්න ඒ සිද්දවුන වැරදි අපි මේ අවුරුද්දටත් අරගන යනවද....?එහෙමත් නත්නම් හමදෙයක්ම අලුත් විදිහට හිතල..... ජීවිතය පටන් ගන්නවද....?
අපි අවුරුද්දෙන් අවුරුද්දට වයසට යනවා....අපි කවද්ද සතුටට පත්වෙලා සහෙමකට පත් වුනේ..එහෙම නෙද...?
ඉඩක් ලබුන වෙලවක.....තනියම ඉන්න වෙලාවක.....පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.....

ඔබට ජය...!!!

LinkWithin

Related Posts with Thumbnails