Thursday, February 11, 2010

Marleyයි මමයි

මේ ලගදි දවසක් කම්මැලි කමේ ඉන්න කොට.. කොම්පියුටරය ඇතුලේ කාලයක් තිස්සේ ඉදන් තිබ්බ මම නොබලපු ෆිල්ම් එකක් අහුවුනා. සාම‍ය්‍යයෙන් මම ටිකක් ෆිල්ම් බලන්න කැමති කෙනෙක්.... නමුත් විශේශත්වයක් නම නෑ... අහුවෙන ඔනේම එකක් බලනවා.. එත් ඉතින් ස්ටොරි එවට තමා වැඩියම කැමති.
ආ... කියන්න හැදුවේ ඒක නෙමෙයි....ඉතින් ෆිල්ම් එක තමා Marley & Me (2008).බලන්න එකක් නති නිසාම තමයි බලන්න ගත්තේ.... එත් ඉතින් බැලුවට පස්සෙ තම්යි හිතුනේ ඇයි මෙච්චර කල් මම මෙක බැලුවෙ නත්තේ කියලා... Owen Wilson සහ Jennifer Aniston රංගනයේන් දායක වන මෙම කතාව ඉතාමත් සුන්දර එකක්.
ලගදි විවාහ වුන තරුණ යුවලක් සහ ඔව්න්ගේ වීවාහ සංවත්සරයට Grogen විසින් තෑගි කරන Marley නම් වු සුරතල් බල්ලේකුත් වටා මෙම කතාව දිගහෙරෙනවා.
තමන් විවාහ ජීවිතයෙ මුල් අවදියේදී ගතකරන සැහැල්ලු ජීවිතය ක්‍රමක් ක්‍රමයෙන් සන්කීර්ණ පවුල් සන්ස්තාවක් දක්වා විහිදෙන මින් මන්නාවට විස්තර වනවා.. නමුත් සමස්ත කතාවම පුරාවටම Mearley නම් වු සුරතල වටා ගොතමින් කතා සාරය වර්දන කිරීමකුත් දක්නට ලැබෙනවා.
කල්යත්ම මෙම තරුණ යුවල තම අදරණීය පවුල රැකගැනීම සදහා ඔවුනොවුන් විශයෙහිලා සිදුකරන කැපකීරීම් තුලින් කතා රචකයා බටහිර සම්මජයේ තරුණයන් තරුණියන් උදේසා වීශාල පණිවුඩයක් දීමට අදහස් කරන බවයි මට නම් තේරුනේ...

1 comment:

  1. මම මේක බැලුවා, පට්ටම හිනා යනවා..

    අන්තිමට නම් හෙන දුකයි බං....

    /බිඟුවා...!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails