Tuesday, April 13, 2010

අලුත් අවුරුද්දයි පරණ අවුරුද්දයි....


අද 13 වෙනිදා... කාලෙකට පස්සේ තමයි සටහනක් ලියන්නේ, 13 වෙනි අංකය එච්චර හොද නැති දවසක් වුනාට අප්‍රේල් මාසයේ 13 කිවුහම අපෙ හිතට අමුතුම සතුටක් දැනේනව කියලයි මටනම් හිතෙන්නේ. මොකද 14 වෙනිදා අපිට අලුත් අවුරුද්ද ලබන නිසානේ. මගේ ජීවිතේ නම් හොදම අවුරුදු ගෙවුනේ මම පුංචි සන්දියෙදි. බරක් පතලක් නොතේරෙන කලෙදි...
කොහොම වුනත් පහුගිය අවුරුද්දත් එක්ක බලන කොට මේ අවුරුද්ද ලංකාවසී අපටනම් විශේශයි. දශා 3 කට පස්සේ අපි හැමොම එක කොඩියක් යටතේ සමරන පළමු අවුරුද්ද වීම නිසයි. එක අතකින් මටත් මෙ අවුරුද්ද විශේශයි.එක අතකින් මටත් මෙ අවුරුද්ද විශේශයි.පහුගිය අවුරුද්දේ මම විශ්ව විද්‍යාලයේ අවසන් වසර ශිශයේක්. අද මම රකියාවක් කරන වගකීම් දරන කෙනෙක්. අපේ ජීවිත දිහා බැලුවහම දිනේන් දිනම අපේ වගකීම් වඩිවෙනවා මිසක් අඩුවීමක් නෑ කියලයි මටනම් හිතෙන්නේ. එකයි මම මුලින්ම කිවුවේ මගේ හොදම් අවුරුදුකලේ ගෙවුනේ මම පුංචි කලේ කියලා.

ඒ දේවල් කොහොම වුනත්...

මේ ලබන්නවු නව වසර සමය සතුට පිරි වසන්නාවන්ත සුභමසුභ අලුත් අවුරුද්දක් වේව කියල හදවතින්ම ප්‍රාර්තන කරනවා....!!!

Wednesday, March 17, 2010

කෙවින් කාටර් නම් වු ඔහු

අද මම කියන්න යන්නේ ටිකක් විතර වෙනස් මතෘකාවක් ගැන. ඡායාරූපශිල්පය කියන්නේ හැමොටම කරන්න බැරි දේයක් වුනාට.... ඡායාරූපයක් දිහා බලලා රස විදින්න අපි ඔනෑම කෙනෙක්ට පුලුවන් දෙයක්. අද මම ලියන යන්නේ ලොක ප්‍රසිද්ද වුන ඡායාරූපයක් ගැනයි.
ඒ හැම දේකටම කලින්, මේ වෙලාවේ මම ස්තුතිකරන්න ඔනේ සුමේධ ඔබේසේකර අයියට. මොකද මේ සටහන ලියන්න මූලික අඩිතාලම වැටුනේ අපේ කාර්ය්‍යාලයෙදි ඔහු විසින් පවත්තපු අනර්ඝවු දේශණය නිසයි. ඔබට මේ පෙනේන ඡායාරූපය බොහෝ විට ඔබ ඊමේල් තුලින් දැක ඇති. එත් මෙහි තියන අතුලාන්ත කතාව බොහෝදෙනෙක් නොදන්නවා වෙන්න පුලුවන්. මමත් මෙ ගැන දැන ගත්තේ කලින් මම සදහන් කරපු දේශණය මගින්. ඉතින් හැමොටම දැන ගන්නත් එක්ක ඒගැන ලියන්න ඔනේ කියල හිතුනා.මේ ඡායාරූපයෙන් කියවෙන දුක්කාන්තය ම අමුතුවෙන් සදහන් කරන්න අවශය්‍ය වෙන්නේ නෑ. මෙම ඡායාරූපයට හිමිකම් කියන්නේ කෙවින් කාටර් නම් වු දක්ෂ ඡායාරූප ශිල්පියයි.

1993 මාර්තු මාසයේ දිනයක් ඔහු දකුණු සුඩානයි සන්චාරයක නියෙලෙනවා. ඔහුගේ අරමුණ වන්නේ.. අන්ත දූගී බවේන් මිරිකුන සුඩානයේ සැබෑ ස්වරූපය තම කැමරා කාචයේ සටහන් කර ගැනීමයි. මේ අතරතුර මංදපොෂණයෙන් පෙලෙන කුඩා ගැහැණු දරුවකු තම වෙහෙස නිවා ගැනීමට මදක් නවතින අවස්තාවේ එතනට පැමිණේන ගිජුලිහිණියකු එම දරුවා මියයනතුරු ඒ දෙස බලා සිටින ආකාරය කෙවින් කාටර් ගේ කැමරාවේ සටහන් වෙනවා... පසුව මෙම ඡායාරූපය New York Times සගරාවේ පලවීමති සමගම ලොවපුරා ජනතාවගේ අවදානය එක් දිනක් තුල ලබාගැනීමට සමති වෙනවා. නමුත් මෙහි ඇති සෝචනීයම අවස්තාව වන්නේ, මෙම ඡයාරූප ශිල්පියා මෙම සිද්වීම වුන ස්තානයේ විනාඩි 20 ක් පමණ බලාසිට තිබෙනවා. ඒ වෙන දෙයක් සදහානොව යම් හෙයකින් හෝ ගිජු ලිහිණියා තටු විදහුයේ නම් ඡායාරූපය වඩාත් අලන්කාර වන බැවිනි.

මේ සිද්දුවීම් පෙල ප්‍රචාරය වීමති සමගම...බොහෝ දෙනා මෙම දරුවාට අයත් වු ඉරණමත් මෙහිදි කෙවින් කාටර් නම් වු ඡායාරූප ශිල්පියගේ භූමිකාවත් අභියොගයට ලක් වෙනවා. ඇතැම් විශ්ලේශකයන් මෙම ඡායාරූපය විග්‍රහ කරනුයේ මෙහි ගිජු ලිහිණියන් දෙදනකු අති බවත් ඉන් වඩාති භයානක වන්නේ කෙවින් කාටර් බවත්ය...

කෙසේ නමුත් ඒක් දිනක් තුල මුලුමහත් බටහිර ප්‍රජාවම තුලම ඔවුන්ගේ සහන සේවා ක්‍රියාදාමය නැවත නැවතත් ප්‍රශ්නාර්තයකට ලක් කීඊමට මෙන්ම... සුඩානය ඇතුලු දිලිදු රටවල් වෙත බටහිර රටවල වැඩි අවදානාකට ලක්කිරීමේලා වු සේවය වෙනුවෙන් කෙවින හට හට 1994 දි Pulitzer Prize for Feature Photography යන සම්මනයේන් පිදුම් ලබනවා.

ඡායාරූප ශිල්පියකුට තමන්ගේ මුලු ජිවිත කලෙම ලබන්න පුලුවන් උසස්ම සම්මනයේන් පිදුම් ලබුවත් මෙ තරුණ ශිල්පියගේ ජීවිතය එතරම් සතුටින් නම් ගෙවෙන්නි නෑ.1994 ජුලි මසයේ 27 වන දින ඔහු තමන් කුඩාකල කෙලිදේලෙන් ගතකල Braamfonteinspruit ගං ඉවුර අසල සිය දිවි නසා ගන්නා බව තම්යි වාර්තා වෙන්නේ. ඔහු තම ජිවිතයේ අවසාන අවදිය ඉතාමත් අවසනාවන්ත ලෙස ගතකල බව තයි සදහන් වෙන්නේ.

සටහන අවසාන කරන්න කලින් නැවත වතාව සුමෙධ ඔබේසේකරයානන්ට මගේ ස්තූතිය නැවතවරක් පුද කරන්නට කැමතියි

Thursday, March 11, 2010

නුඹ නිසා මැයි....

අදින් තුන් වසරකට පෙර හරියටම අද වගේ දවසක වාසනාවන්ත සරසව් මෑණියන් තුලදි... ජීවිතයට අලුත් ආලෝකයක්, අලුත් බලාපොරොත්තුවක් අතිවුනා. අනේක විද දුක් කම්කටොළුවලින් පිරුණ තැලී පොඩිවී ශක්තිමත්ව දරදඩු වුන මගේ ජීවිතයට අදරය නම් වු සොදුරු සිතුවිලි තුලින් අලෝකමත්ව දිලෙන්නට වුනා.
ඒ අන් කවරකුවත් වෙනුවෙන් නොව නුඹ වෙනුවෙන් මැයි....
එදා පටන් මේතාක් දක්වා නුඹ තරම් මා තෙරුන ගත් මා වටහගත් අන් කවරකුවත් මෙලොව නති තරම් මැයි....ඉතින් සොදුර.... අද දින, හෙටින් පටන්ගන්න නව ජීවිතයේ ආරම්ඹය බව නුඹත් මාත් දනා සතය්‍යකි. එසේම ඊයේ දිනට වාඩා හෙට දින අභියොගයන්ගේන් පිරුණ දවසක් බව සැබෑවකි. නමුත් පෙරටත් වඩා අධිෂ්ඨාණයේ යුතුව, පෙරටත් වඩා ජවයකින් යුතුව අනාගතයට මුහුණදීමට තරම් මාහට වීරිය ලබේනුයේද නුඹ නිසාමය....
මේ වසර තුන තුල නුබේන් ලද පහසින් මෙගේ ජීවිතය අලෝකමත්ව දිලුනා අයුරු දෙස බලන විට වසර තුනක් නොව සසර පුරා අප ගමන් කලා සේ දැනේන්නේද නුඹේ ඇති ඉවසීමත්, කරුණාවත්, අදරයත් නිසාම නොවේද....

Thursday, March 4, 2010

Column ඒකේ ඇති HTML ටැග් ඉවත් කරන්න SQL වලින්

අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ මතෘකාවක් ගැන. හුගක් දවසක ඉදන් Technical මොනව හරි ලියන්න ඔනෙ කියල හිත හිත හිටියට වඩේ කෙරුනේ නෑ... ඔන්න අද එකට මුල්ගල තියන්නයි හදන්නේ. මේ දවස් වල මම office එකේ කරන්නේ data migration වැඩක්. එ කියන්නේ, වෙනත් වර්ගයක Database එකක් තියන දත්ත අපිට අවශය්‍ය කරන Database එකකට මරු කිරීමකුයි. මෙක ටිකක් විදිහේ අලුත් අත්දැකීමක් නිසා මම් හිතුව ඒ අත්දැකිම් සටහන් ගත කරන්න. හොදයි, දැන් මම් කියන්නම් අද මම කියන්න යන්නේ මොකක් ගැනද කියලා.
හිතන්න් මෙන්න මෙ වගේ අවස්තාවක්,
පැරණි Database තියන ඒකේ තියන දත්තයන් ඒ කියන්නේ.... Database record එකක්, එහෙමත් නැත්නම් Column එකක තියන දත්තයන් තියෙන්නේ HTML විදිහට, උදාහරණයක් විදිහට ගත්තොත්

මෙන්න මේ වගේ, හොදයි, හිතන්න ඔයලට ඔනේ කියලා මෙම Column ඒකේ තියන දත්ත වලින් HTML ඉවත් කරල string එක විතරක් ගන්න ඔනේ කියල SQL වලින්...අන්න ඒ වගේ වෙලවට ප්‍රයොජනයට ගන්න පුලුවන් Code කැල්ලක් ගැනයි.
වැඩිය අමාරු දෙයක් නෙමෙයි. මමත් මේ ගැන අන්තර්ජලයේ google සෙවුම් යන්ත්‍රයෙන් හොයා බලනකොට කීපයක්ම හම්බවුනා. එත් මම දැන් කියන්න යන්නේ එවගේන් වඩත්ම ලෙසියෙන් වගේම පහසුවෙන් කරගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි.


මේ Code එක පවිච්චිකරලා අපේ වැඩේ පහසුවෙන්න කරගන්න පුලුවන්. දැන් ඔයලට මේ ලියලා තියන sql function එක මෙ විදිහට callකරන්න පුලුවන්.


එතකොට ඔයාලට මෙන්න මෙ වගේ ප්‍රතිඵලයක් ලබා ගන්න පුලුවන්.

Some Name SOME HTML text after the body

මෙතන ලොකු මැජික් එකක් නෑ... පහසුවෙන්ම කරන්නේ අපි ලබාදෙන string එකේ හියන <> ටැග් ඇතුලේ ඇති දේවල් ඉවත් කරන එකයි. හොදයි එහෙනම් අයෙත් මේ වගේම තොරතුරක් අරගන හම්බවෙමු..සැමට ජය...!!!

Tuesday, March 2, 2010

හිතට නැගුන දේ.....

කාලෙකට පස්සේ අයෙත් සටහනක් ලියන්න කියලා හිතුවා. මේ ටිකේ ටිකක් විතර කාර්‍යය බහුලවෙලා හිටපු නිසාත්,..... පහුගිය හැම සතිඅන්තදවසකම වගේ... මගේ ගම වෙච්ච මාතර යන්න වේලා තිබ්බ නිසාත් මගේ පරිගණකය ලග වාඩි වෙන්නත් බැරි උනා කලෙකින්... ඔක්කොටම හරියන්නත් එක්ක බැලුවා ෆිල්ම් එකක් ඊයේ රෑ නම්.., Homecoming කියල තමයි නම නම් තිබ්බේ. එත් එක අමුතුම විදිහේ Homecoming එකක්. මොකද කියනවානම්... එකේ කතා තෙමාව වෙලා තිබ්බේ.. අදරය නිසා වියරු වැටුණ තරුණියක් තමන්ගේන් නතිවුන අදරය නැවත ලබා ගන්න, තමන්ගේ අම්මවත්,පැරණි පෙම්වතාගේ අලුත් පේම්වටියත් මරා දැමීමට ගන්න උත්සහයක් ගැන තම්යි.කතාවනම් ටිකක් හිත් අදගන්න සුලුයි.

එත් දැන් මම ලියන්න හැදුවේ නම් ඒ කතාව ගැන නෙමෙයි. හුගාක් වෙලවට ලියන්න වෙලාවක් නති උනත් සින්ඩියේයි, කොට්තුවෙයි තියන බ්ලොග් නම් නිතරම කියවනවා... වෙලාවකට හරියට හිත් ඇදගන්න එව තියනවා.. මරු ඉතින්.... වැඩ අස්සේ හිත පොඩ්ඩක් නිදහස් කරගන්න කොට්තුවට ගිහිල්ල අලුත දාපු පොස්ට් එකක් කියවන එක දැන් මට පුරුද්දක් වෙලා. ඒ අතර මට අහුවුනා හොද විරිදුවක් ...තිලන්කගේ කවුලුවෙන් මගේ office එකේ හැමදෙනාටමත් දුන්න ලින්ක් එක අහල රස විදින්න.... හුගාක් දේනේක් අහල සතුටුවුනා.... මාත් නිතර නිතර අහල රස විදින්න පුරුදුවෙල්යි ඉන්නෙ.. :)

තිලන්ක වගේම අනිත් හැමොටමත්, මටත්...තව තවත් ලියන්න සිතුවිලි පහල වේවයි ප්‍රාර්තනා කරමින් අදට සමුගන්නවා...සැමට ජයම වේවා.

Wednesday, February 17, 2010

අදරවන්තයන්ගේ දිනය දා My Name is Khan බැලුවෙමි.

අදරවන්තයන්ගේ දිනය පහුවෙලානම් ටිකක් දවස් වෙනවා. වෙන කවමදාකටත් වඩා එදා විශේශ දේවල් ටිකක් තියනවා කියන්න. සාමාන්‍යයෙන් අපි දෙන්නාම මේදවස ගැන විශේශ උනන්දුවකින් වැඩ කරන්නේ නැ. එත් මෙදා පාර අලුතෙන්ම ආපු ෆිල්ම් එක බලන්න යමු කියලතමයි කතාකරගත්තේ. හැබැයි හොදම වැඩේ කියන්නේ, ටිකට් වෙන් කරන්න අමතක උනා වගේම අපි බලන්න ගියේ ෆිල්ම් එක පෙන්නන්න පටන් අරගත්ත දෙවෙනි දවසේ.....ඇයි එ මදිවට අදරවන්තයන්ගේ දිනය..ඒ ගැන එච්චරම හිත්න්නැතුව, අපි දෙන්නත් කොළඹ liberty එක ලගට 9.30 විතර වෙනකොට ගියා... අම්මට හුඩු...පොලිම..... ටිකට් ගන්න තිබ්බ පොලිම දැක්කහම කෑ ගැස්සුනා.. මිටර් 150 විතර දිගයි පොලිම...එත් කමක් නෑ කියල දඩ බඩ ගාල ටිකට්පොලිමට සේට් වුනා.
ඔන්න දැන් පොලිමත් ටික ටික ඉදිරියට අදුනා. පැයක් විතර...මෙන්න හොල් එකේ හොල් එකේ දොරලගට කිට්ටු වෙන කොට කියාපි තව ටිකට් 10 යි තියෙන්නේ කියලා ... දැන් ඉතින් මොකද කරන්නේ...මට ඉස්සරහම තව 10 ක් විතර ඉන්නව....අතැරියේ නෑ වැඩේ තවත් බලාපොරොත්තු තියාගෙන හිටියා ටික වෙලාවක්.... ඔන්න ටිකට් දෙන කවුලුව කිට්ටුවටම අවා කියමුකෝ, තව ටිකට් 5 යි තියෙන්නෙ කියල ටිකට් කඩන කොල්ල කිවුවා....
හරි, යන්තම් ගොඩ කියලා හිත හදගෙන අනිත් පැත්තට හැරෙන්න වුනේ නෑ... මහින්ද මහත්තයගේ පොඩි පුතා ඉන්නවා යළුවො 5ක් එක්ක පොලිමේ, කියල කියාගේන තවත් පොරක් අවේ නැතෑ.....දැන් මොකද කරන්නේ..... ඉතුවෙලා තිබ්බ ටිකට් ටික කඩාගේන ගියා බලන් ඉදිද්දි...
ම්...ම්...ම් මදෑ කවදාකවත් නතුව අදරවන්තයන්ගේ දවසේ ෆිල්ම් එකක් බලන්න අවා....අපි අපිටම බැන බැන හොල් එකේන් එලියට අවා... එත් ඉතින් වඩේ අතෑරියෙම නෑ... මෙච්චර කට්ටක් කපු එකේ කොහොම හරි ෆිල්ම් එක බලනවාමයි කියල අදිශ්ඨානයේන් හවස 3.00 ෆිල්ම් එක බැලුවා....හැබැයි 1.30 ඉදන් පොලිමේ හිටියා...... :D :D.....එත් ඉතින් කට්ටක් කාලා හරි බලන්න වටින ෆිල්ම් එකක් නිසා...හිතහදගේන අපි එන අවා....

Thursday, February 11, 2010

Marleyයි මමයි

මේ ලගදි දවසක් කම්මැලි කමේ ඉන්න කොට.. කොම්පියුටරය ඇතුලේ කාලයක් තිස්සේ ඉදන් තිබ්බ මම නොබලපු ෆිල්ම් එකක් අහුවුනා. සාම‍ය්‍යයෙන් මම ටිකක් ෆිල්ම් බලන්න කැමති කෙනෙක්.... නමුත් විශේශත්වයක් නම නෑ... අහුවෙන ඔනේම එකක් බලනවා.. එත් ඉතින් ස්ටොරි එවට තමා වැඩියම කැමති.
ආ... කියන්න හැදුවේ ඒක නෙමෙයි....ඉතින් ෆිල්ම් එක තමා Marley & Me (2008).බලන්න එකක් නති නිසාම තමයි බලන්න ගත්තේ.... එත් ඉතින් බැලුවට පස්සෙ තම්යි හිතුනේ ඇයි මෙච්චර කල් මම මෙක බැලුවෙ නත්තේ කියලා... Owen Wilson සහ Jennifer Aniston රංගනයේන් දායක වන මෙම කතාව ඉතාමත් සුන්දර එකක්.
ලගදි විවාහ වුන තරුණ යුවලක් සහ ඔව්න්ගේ වීවාහ සංවත්සරයට Grogen විසින් තෑගි කරන Marley නම් වු සුරතල් බල්ලේකුත් වටා මෙම කතාව දිගහෙරෙනවා.
තමන් විවාහ ජීවිතයෙ මුල් අවදියේදී ගතකරන සැහැල්ලු ජීවිතය ක්‍රමක් ක්‍රමයෙන් සන්කීර්ණ පවුල් සන්ස්තාවක් දක්වා විහිදෙන මින් මන්නාවට විස්තර වනවා.. නමුත් සමස්ත කතාවම පුරාවටම Mearley නම් වු සුරතල වටා ගොතමින් කතා සාරය වර්දන කිරීමකුත් දක්නට ලැබෙනවා.
කල්යත්ම මෙම තරුණ යුවල තම අදරණීය පවුල රැකගැනීම සදහා ඔවුනොවුන් විශයෙහිලා සිදුකරන කැපකීරීම් තුලින් කතා රචකයා බටහිර සම්මජයේ තරුණයන් තරුණියන් උදේසා වීශාල පණිවුඩයක් දීමට අදහස් කරන බවයි මට නම් තේරුනේ...

Monday, February 8, 2010

මගේ සිහිනය මට දකින්න ඉඩ අරින්න

අද 8 වෙනි සදුදා දිනයක්...ටික දවසකින් මොකුත් ලියනත් බැරි උන නිසා...මොකක්ම හරි ලියනව කියල හිතලයි වාඩි උනේ. හුගක් වෙලාවට අපි නික්න් ඉන්න වෙලාව මනෝ ගහන්න අපි පුරුදු වෙලා ඉන්නවා නේ.. මම හිතන්නේ එක අපි හැමෝටම පොදු වුන කාරණයක් කියලයි. ගැණු ළමයා ගැන , තමන්ගේ අනාගත සිහින ගැන... මෙ ඔනේ එකක් ගැන වෙන්න පුලුවන්.....
අවන්කවම කියනවනම් මමත් හොදට සිහින ලෝකවල කිමිදිලා තියනවා...අද මම ආපස්සට ටිකක් හිත යොමු කලාම මට හිතෙන්නෙ ඒ සිහින වලින් හුගාක් දෙවල ඉටු කරගන්න පුලුවන් වෙලා තියනව කියලයි...
මේ ලගදි මම කියවපු පත්තරයක දැක්ක අපි අපේ අනගතය ගැන නිතර නිතර සිහින දකින එක එම සිහින සඵල කර ගැනීමට රුකුලක් වන බව... මටත් හිතෙනවා එක අත්ත වෙන්න ඇති කියල... ඇත්තටම ටිකක් හිතලා බලන්න... සමහර දේවල් ගැන අපි කලපන්නා කරන කොට ඇස් වලට කදුලු එන තරමටම අපි සන්වේදී වෙනවා නේද කියලා....මෙගේ මතකයට එන ඒ වගේ සන්වේදි අවස්තාවන් නම් බොහොමයි....
මෙක ලියගන යන කොට මට හිතෙනවා මගේ ජීවිත කතාව ලියන්න ඔනෙයි කියල...බලමු ඒ ගැන තව ටිකක් හිතල බලලා.....
සමහරුන්නම් සිහින දකිනවට කැමති නෑ.. "නිකන් දවල් හීන බලන් නතුව ප්‍රයොජනවත් දේකට හිත යොදවපන්".. වගේ දේවල් නම් අහිලා අති හැමෝ ටම වගේ.. නමුත් අමතක කරන්න එපා....මෙ ලෝකේ හිටපු හුගාක් දාර්ශනිකයන්, විද්වතුන් , රචකයන්...වගේ බොහොමයක් දේනා සිහින දකින්නන් බව....එත් එක්කම හීන දැක්කට විතරක් මදි.. එ හීන හැබෑ කරගන්න වුවමනා ශක්තිය සහ උද්යොගය හිත තුල අති කර ගැනීමත් අවශය වෙනවා... අයෙත් හම්බවෙමු....!!!

Wednesday, February 3, 2010

මේ අපේ නිදහසයි

අද 62 වෙනි නිදහස් දවසයි. ශ්‍රි ලංකිකයේක් විදිහට හිතට පුදුමාකාර අඩම්බරයකුත් අභිමානයකුත් දැනෙනවා. පොඩ්ඩක් මතක් කරන්න පහුගිය නිදහස් දින උත්සවයන්, ඊට වඩා වෙන්සක් මගේ හිතටනම් දැනෙනව....මොකද කියලා කල්පනා කරන්කොට මට මතක් වුනේ වෙන හැම පාරකම අපි නිදහස සැමරුවේ රටේ එක පලාතක විතරයි නේඩ කියලා. එත් බලන්න මෙදාපාර නිදහස සමරන්නේ මුළු රටම එකම කොඩියක් යට ඉදගේන ඒකීය රටක් අතුලේ නේද..? ඒත් මෙක කියවන සමහර අය කියයි...කොහේ තියන නිදහසක් ද....අපිට දේශපාලන නිදහසක්....භෂනයේ නිදහසක් තියනවද කියලා.
හැබැයි අපිට ඔය හැම දෙම ගැන කතා කරන්න පුලුවන් වුනේ අපිට ජීවත්වීමේ නිදහස ලැබුන නිසයි කියන එකත් මතක තියාගන්න ඔනේ. මොකද සමාන්යයේන් අපේ රටේ මිනිස්සුන්ට ඔනේම දෙයක් මතක තියේන්නේ පොඩි කාලයයිනේ.... දැනටමත් මේ රටේ හිටපු හුගක් දෙනේක්ට මේ රටේ 30 වසරක් පුරාවට යුධ්දයක් තිබ්බද කීයලත් අමතකයි. එක අපේ හැටි... නමුත් අපේ වගකීමක් වෙන්නෙ අපේ අනාගත පරම්පරාවට මේක මතක් කරලා දෙන එකයි. අදටත් අපි අපේ ඉතිහාසයේ කරපු නිදහස් අරගල ගැන මතක් කරන්නේ, කතාකරන්නේ මහත් වු අභමානයේන්. ඒ අපේ දෙමපියන් අපි තුල ඒ අභිමානය අතිවෙන විදිහට කතාන්දර කියපු නිසයි.
අම්ම අපිට වීර මද්දුම බණ්ඩාර කුමාරය ගැන...පුරන් අප්පුලාගැන කියනකොට කොච්චර නම් අභමානයක් හිතට දැනුනද.... ඉතින් ඒ අභමානය අනාගතයට උරුම කිරීම අපි හැමගේම යුතුකමක් මෙන්ම වගකීමක්ද වෙන බවයි මගේ විශ්වාසය.

ඔබ සැමට ජය...!!!

Thursday, January 28, 2010

Apple iPod අලුත්ම එක

හොදයි අද මම කියන්න යන්නේ..අලුත් අලුත් Gadget ගැන උනන්දුවෙන් ඉන්න හැමෝගේම වගේ කතා බහට ලක් වුන මතෘකාවක් ගැනයි. ඒ වෙන මොකුත් නෙමේ, අලුතෙන්ම හදුන්වදීපු Apple iPad ගැනයි. බොහෝ දේනාගේ විචාරයන්ට අනුව, මෙමෙ නවතම iPod ඒක smartphones සහ laptops අතර වු හිදස පුරවන්නක් බවයි සැලකෙන්නේ.මන්ද යත්, මෙහි ඇති touchscreen එකෙහි විශාලත්වය සාමාන්‍ය iPod ඒකකට වඩා විශාල වීමත්, මෙහි ඇති දත්ත සැකසීමෙ අති හැකියවත් නිසයි.
  • ඇතුලත මතකයේ ප්‍රමාණය : 16 සිට 64 GB දක්වා
  • ඝනකම : අගල් 0.5
  • Bluetooth 2.1 සම්බන්ධතාවය
  • ශබ්දවාහිනීය(speekers/microphone)
  • ත්වරණමාපකය
  • මාලිමාව
  • eBook කියවනය
  • අන්තර්ජාල බාවිතය
  • චිත්‍රපට නැරබීම
  • iPhone එකේ වගේ හරව හරව ගේම් ගහන්න
  • Apple Application දාන්නත් මේකට පුලුවන්
  • බැටරි කාලය : පැය 10
  • Wi-Fi සහ 3.5 G තාක්ශණය
සහ ඒකී මෙකී නොකී සැම අවශය්‍ය පහසුකමකින්ම සම්න්විතයි. මෙතනට ඇන්නොත් හදුන්වදීමෙ වීඩියෝ පටය නරඹන්න පුලුවන්. නමුත් හැමදෙකම හොද පැත්තක් වදේම නරක පැත්තකුත් තියනවනේ....
  • මෙය පරිඝණකයක් නොවන විශාල ප්‍රමානයේ iPod Touch ඒකකී
  • වැඩ කිහිපයක් එකවර කරන්නත් බෑ
  • flash support කරන්නේත් නෑ....වෙබ් application සදහා
  • නරකම වැඩේ camera එකකුත් නෑ
  • USB port එකකුත් නෑ
  • මේසයක් උඩ හිටගස්සවලා තියන්නත් බෑ අධාරකයක් නතුව
  • ඉක්මනට වැටෙන්නත් බලනව වගේ
  • memory card slot එකකුත් නෑ...
බලන්ගියාම තියන ඒවට වඩා නැති ඒවා වඩීනේ .... :P

Tuesday, January 26, 2010

AVATAR

ඔන්න Avatar ගැන අලුත්ම ආරන්චියක් කියන්නයි හදන්නෙ. වෙන මොකුත් නෙමෙයි..... Hollywood film industry ඒක බලපොරොත්තු වුන විදිහටම Avatar movie ඒක තවත් record එකක් බිද දමන්න සමත්වෙල තියන්වා. නමුත් මෙහි අති විශෙශත්වය වන්නේ. මෙම බිද දැමුනු වාර්ථාවට පෙර හිමිකම් කිවේ Titanic movie ඒක වීමයි.සති 6ක් වැනි ඉතා කේටි කලයක් අතුලත USD 1.843 Billion අදායමක් ලබමින් Titanic වෙත පෙර පැවති USD 1.84 Billion අදායම් වර්තාව බිදදැමීමට සමත් වුවා .විචාරක අදහස් වලට අනුව Avatar තව දුරටත් වර්තාවන් බිදදමමින් USD 2 Billion ඉක්මවු අදායමක් උපයන ඇති බවටයි විශ්වස කරන්නේ

අවසානයේ ඒය එසේම සිදුවිය.

හැමදෙනාම වගෙ බලාගෙන හිටපු මොහොතට තව ටික වෙලාවයි තියෙන්නේ. මම වගේම මෙ රටේ බහුතර ජනතාව පසුගිය රාත්‍රිය නිදිවර්ජිතව ගතකල බව කාටත් නොරහසක්. දැනට පෙනේන්නට තියෙන ප්‍රතිඵල අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතා මෙරට හයවන ජනදිපති ලෙස තේරී පත්වන බව පැහැදිලිවම පේනේන්නට තිබෙන කරුණක්.
සමස්තයක් ලෙස ගත් කල ඡන්ද විමසීම සාමකමී වුනත්, ඇතැම් ස්තනයන්හිදී සුලු සුලු ප්‍රචන්ඩ ක්‍රියාවන් සිදුවී ඇති බවයි සදහන් වෙන්නේ. මෙම ප්‍රතිඵල විශ්ලේශනය කිරිමෙදී මට තෙරෙන විදිහට, මෙරට ජනතාව මෙම ජනාධිපතිවරණය 30 වසරක් පැවති දරුණු යුද්ධය නිමා කිරීමට මුල්තැන ගෙන කටයුතුකල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශට කළගුණ සලකීම සදහා පවිච්චිකර ඇති බවයි.
මැතිවරණ සමය තුල විපක්ශය විසින් ඔහු වෙත කොතෙකුත් දුශණ චොදනාවන් ඉදිරිපත් කලත් මෙම ප්‍රතිඵල අනුව පහදිලිවන්නේ මහජනතාව එය ප්‍රතික්ශේප කර අති බවත්, යුද්ධයේ වැඩි ගෞරවය මහින්දට ලබාදීමට කැමති බවත්ය. එසේම විපක්ශයේ පොදු අපේශකයා බොහොවිට යුද්ධය පිළිබද ප්‍රකශ කල කරුණුද ප්‍රතික්ශේප කර ඇති බවකි.
කෙසේ වෙත්තත් UNPසහ JVP යන දැඩි විරුද්ධ වාදී පක්ශ 2 හි අති නොගැලපීමද මෙහිදී ඉස්මතු වීමත් විශේශත්වයක්. මන්ද බොහොමයක් ආසනයන්හිදි පසුගිය ජනධි පතිවරණයට සාපේක්ශව පොදු අපෙක්ශකයට ලබී ඇති ඡන්ද ප්‍රමාණය විශාල ලෙස අඩුවීතිබීමයි.

ඔබ සැමට සුබ අනාගතයක්.... !!!

අවසානයේ ඒ දිනය උදා විය

මාස එකහාමාරකට අසන්න කලයක් හය වන විදායක ජනාධ්පති වීම සදහා අපේ රටේ තිබුණු තරගයේ තිරනත්මක දිනය උදාවි ඇත. හැමදෙනාම දන්න විදිහට ප්‍රදාන අපේක්ශකයන් දෙදෙනාම වෙනුවෙන් ඔවුන් ගේ අදාරකරුවන් වෙදිකාවන් දෙවනත් වෙන්න කරපු කැගසිම්වලතත්, මඩ ප්‍රචරයන්ටත්, විවිදාකාර වු අනුම් බනුම් සහ දෙස් දෙවෙල් වලටත් නියම පිළිතුර ලැබෙන් දිනයට පැමිණ ඇත.
සුබ අනාගතයක් වෙනුවෙන් කරලියට ආ වර්තමන ජනාධිපති තුමා සහ විස්වාසනීය වෙනසක් වෙනුවෙන් කරලියට ආ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සෙකා මහතත් කෙතරම් ජනතා ප්‍රසදයක් ලබගෙන අත්දැයි හෙට උදැසන වන විට අපට දැන ගැනීමට හැකිවනු ඇත. තිස්වසරක් රටතුල පවතියාවු දරුණු යුධමය වාතාවරණය අවසාන වීමෙන් පසුව පවත්වන පළවන ජනධිපතිවරණය වීමත් මෙමෙ මතිවරණයේ ඇති විශේශත්වයක්. ඒබැවින්ම බොහො විදේශ රටවල්ද මෙ පිලිබද වැඩි උනන්දුවකින් බලාසිටින බවකුත් දැකගත හකියි. කෙසේ උවත්, පුර්ව මතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවන්ගෙන්නම් අඩුවක් දක්නට ලෙබෙන්නේ නම් නෑ.කෙසේ වුවත් මෙහි අවසාන ජවනිකාව මෙරට ජනතාව රග දක්වණු ඇත

Tuesday, January 19, 2010

AVATAR


කවුරුත් ඉතින් මෙ දවස්වල බලන films අතර කතවට ලක්කරන මතෘකාවක් වෙන්න්නේ ජෙම්ස් කැමරුන්(James Cameron) ගේ avatar movie එකයි. මෙ වෙන කොට එය ලොකයේ වැඩිම අදායම් වාර්තාවන් තබමින් තිරගත වන බව තම්යි දැගන්න ලැබෙන්නේ.
පළමු දින 20 අතුලත US ඩොලර් බිලියන 1.36 ක මුදලක් උපයාගැනීමට සමත් වෙල තියෙනවා. එයත් IMAX/3D සිනමා ශාලා වලින් විතරක්. මෙය දෙවනි වන්නේ Titanic movie එකට විතරයි කියලයි සදහන් වෙන්නේ. මෙම විශිශ්ඨ ගන්යේ සිනමා කෘති 2 ම එකම අධය්‍යක්ශක ගෙ වීමත් විශේශත්වයක්.
මෑතකදි අcඅටර් හි ඔරිජිනල් තිර පිටපත නිකුත් වී තිබුනා....මෙතනට ඇන්නනම් එකත් බලගන්න තිබ්බ.... ඔන්න එහෙනම් ඊලග පොස්ට් එකකදි මේ ගැන වඩිපුර කතාකරන්න තියල දැනට නවතිනම්.

නොදන්න පළාතක දන්න විදිහට ඉන්න google ගෙන් උදවුවක් ගන්න

ආයෙමත් කියන්න යන්නේ googleලගෙම වැඩක් ගැන. ඔන්න ඉතින් අයේ පිටරටකට ගියම එහෙමත් නැත්නම් නොදන්න පලතකට ගියාම කෑම ටිකක් කන්න රෙස්ටුරන්ට් එකක් එහෙමත් නැත්නම් පොඩ්ඩක් රත් වෙන්න බාර් එකක් හරි බැංකු වක්,ATMඑකක් තියන තැනක් දැන ගන්න කරදර වෙන්න ඔනෙ නෑ. මොකද කියනව නම් google මගින් අලුතෙන්ම ක්‍රියාත්මක කරලා near me කියන feature එක මගින් ඒ හමදෙයක්ම ලේසියෙන්න්ම දැන ගන්න පුලුවන්.ඔයාලට හිතෙන්න පුලුවන් මොන වගෙ special මෘදුකන්ගයන් මෙ සදහා අවශය්‍ය ද කියලා. නෑ වෙන මොකුත්ම ඔනේ නෑ දැන් එය Android phones (v2.0.1 and up) and iPhones (OS 3.x) වලින් ලබා ගන්න පුලුවන්. ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි. web browser එකට ගිහිල්ලා google.com වලට ගිහින් එහි ඇති Near me කියන අයිත්තමට අනින්න.
ඒවිට ලැබෙන window එකෙන් එය ඔබට අවශය පරිදි සකස්කරගෙන වඩත් පසසුවෙන් තමන්ගෙ වුවමනාව සඵල කර ගන්න පුලුවන්....බලන්න තක්ශණයේ දියුණුව... :)
ඔන්න එහෙනම් මෙකත් බලලම ඉන්නකො...!!!

Monday, January 18, 2010

googleලගේ අලුත් වැඩක්


පහුගිය දවස් වල හුගාක් දෙනා කතා කරපු මතෘකාවක් වුනේ google සමගමෙන් පලමු වරට හදුන්වාදුන් HTC Google Nexus phone එකයි. වාර්තා වුන විදිහට මෙය ඉතා අනර්ඝ smart phone එකක්. බොහො දෙනාගේ අදහස් වලට අනුව මෙම smart phone එක සදහා ඉතා හොද ඉල්ලුමක් පවතිය යුතුව පවතුනත් පළමු හදුන්වාදීමෙන් පසුව වාර්තාවන්ට අනුව පළමු සතිය අතුලත් විකිණී ඇත්තේ 20000 ක් පමණි. මෙය google සමගමේ පළමු smart phone එක අසාර්තක වුවදැයි මත පලවෙමින් පවතිනවා. කෙසේ වෙතත් google සමගමට අනුව පළමු වසර අතුලත මිලියන 2 ක් හො 3 ක Nexus smart phone අලවියක් ඔවුන් බලපොරොත්තු වෙනවා.
නමුත් ඔබ මතකයට මෙයත් සදහන් කෙරීමට කමතියි.....මෙය තමා එකම shipping SIM free phone එක USA, Hong Kong සහ
Singapore යන රටවල්වලට. කෙසේ වෙතත් මෙම ලිස්ට් එක වඩිවෙනකොට අලෙවියත් වඩිවේ කියලයි මාද්‍යවාර්තා සදහන් කරන්නේ....

Monday, January 11, 2010

මේ අපේ දේශයයි

ඊයේ පෙරේදා දවසක අන්තර්ජාලයේ සැරිසරනකොට ශ්‍රී ලංකාවේ අපි හැමොටම සතුටු වෙන්න පුලුවන් විදිහේ ප්‍රව්‍රතියක් දකින්න ලබුනා. ඒක තමයි නිවුයොර්ක් ටයිම්ස් කියන අමෙරිකවේ ප්‍රධාන සගරවකින් 2010 වසරෙදී සන්චාරයකයන්ට සන්චාරයන් සදහා වඩාත්ම සුදුසු ස්තානයන් 30 කින් ශ්‍රී ලංකාව පළමු ටැනට තොරා තිබීමයි.

ඔවුන් මෙමෙ ලිපිය මගින් ශ්‍රී ලංකාවෙ පසුගිය පැවති යුධමය වතාවරන්යත් ඒය නිමාවීමෙන් පසුව රට තුල අති සමකාමී වතාවරනයත් වඩාත් සවිස්තරාත්මකව දක්ව තියෙනවා. ඉතින් ශ්‍රී ලංකීකයන් විදිහට අපි කෙතරම් ආඩම්බර විය යුතුද....
ඒ විතරක් නෙමෙයි මෙම ලිපියෙන් ඔවුන් තව දුරටත් අපෙ රටේ අති ස්වාභාවික සුන්දරත්වය පිලිබද වඩි විස්තර දක්වා තියෙනවා....
මෙතනින් ඇනල ඒ ලිපිය කියවන්න ඔයාලටත් පුලුවන්.

Sunday, January 10, 2010

මොකද්ද මේ Ogmanted reality.....


ඔන්න ඉතින් අද කියන්න යන්නේ ටිකක් අලුත් විදිහේ gadget එකක් ගැන. අහලා තියනවද Ogmanted reality ගැන.එහෙනම් Virtual reality ගැන,Virtual Reality කියන්නේ අපි හමොම දන්න විදිහට, අතාත්වික කිසියම් දෙයක්,සිදුවීමක්,තාත්වික ලෙස දැනිමට සැලැස්වීමයි.උදාහරණයක් ලෙසකියුවොත් වර්තමානයේ ගුවන් නියමුවන් පුරුදු පුහුණු කිරීමට යොදාගන්නා simulators හැදින් විය හැකියි. එවගේම ඉන් ඔබ්බට දියුණු වුන

තාක්ශනයට තම Ogmanted reality කියනේ.

හරි දැන් මම කියන්නම් මෙහි ප්‍රයොගික යෙදීම් මොනවද කියලා. ඔය කවුරුහරි 3 idiots කියන හින්දි film එක බලුවනම් එකෙත් මේ කියන තාක්ශණය බාවිතා කරපු අවස්තාවක් තියනවා.

මෙහි ඒක් උදාහරණයක් ලෙස, මම මේ කියන්න යන උපකරණය සලකන්න පුලුවන් මෙය කුඩා helicopter වගේ දෙයක්. අපිට දුරස්ත පලකයක් මගින් පලනය කරන්න පුලුවන්. මෙහි තිබෙන කැමරා මගින් එ මොහොතේ කැමරාවේ සටහන් වන දර්ශන සජීවීව දුරස්ත පලකයේ අති තිරය මතට ලබාගැනිමේ හැකියාව පවතිනවා. මෙහි ඇති නවතම සොයගනීම වන්නේ...සිව් පැති ඇති මෙම කුඩා උපකරණය iPhone හො iPod touch මගින් පලණය කිරීමෙ හැකියව ලබදීමයි. මෙය AR.Drone ලෙස හදුන්වනවා. මෙහිදී උපකරණය සහ iPhone එක අතර සම්බන්දතාවය අහිකරනුයි Wi-Fi හි ඇති විස්මිත හැකියව නිසායි.

මෙන්න මේ පහළින් ඇනලා ඒ ගැන වැඩි විස්තර බලා ගන්න පුලුවන් වේයි.මෙතනට අනින්න. මෙම උපකරණයෙන් තවත් video ක්‍රිඩා වගේ එවත් කරන්න පුලුවන්. එක බලන්නමෙතෙන්ට අනින්න. දැනට අති, අයෙත් මෙවගේම අලුත් දෙයක් එක්ක හම්බවෙමු.

Saturday, January 2, 2010

සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

2009 අවුරුද්දත් ගෙවිලා ගියා හමොටම නව බලපොරොත්තු පොදිබැද ගත්ත තවත් අවුරුද්දක් උදාවෙලා. පොඩ්ඩක් ආපස්සට හැරිල බලන්න.....අපි අපේ ජීවිතවලින් කොච්චරනම් කලයක් ගෙවිලා තියනවද...? ඒ කාලයතුල අපි අපෙ කැමැත්තට අනුව වැඩකරලා තියෙන්නේ කොච්චර ටික කාලයක්ද...? අපේ වුවමනාවන්ට අනුව අපේ බලපොරුත්තු ඉ‍ටු කරගන්න කොච්චර අඩු කලයක්ද කැප කරල තියෙන්නෙ....එහෙම නේද...?
අපි ඉන්න මේ සමජය වෙනුවෙන් මොනවද කරල තියෙන්නේ...තමන්ගේ දෙමාපියන් වෙනුවෙන් මොනවද කරල තියෙන්නේ....
පොඩ්ඩක් හිතන්න...
අපෙ අතින් අනිත් අයගෙ හිත් රිදෙන දෙවල් කොච්චරනම් කියවිලා අත්ද...? අපේ අතින් කොච්චරනම් අතපසුවීම් වෙලා අත්ද..?
ඔබම තිරණය කරන්න ඒ සිද්දවුන වැරදි අපි මේ අවුරුද්දටත් අරගන යනවද....?එහෙමත් නත්නම් හමදෙයක්ම අලුත් විදිහට හිතල..... ජීවිතය පටන් ගන්නවද....?
අපි අවුරුද්දෙන් අවුරුද්දට වයසට යනවා....අපි කවද්ද සතුටට පත්වෙලා සහෙමකට පත් වුනේ..එහෙම නෙද...?
ඉඩක් ලබුන වෙලවක.....තනියම ඉන්න වෙලාවක.....පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.....

ඔබට ජය...!!!

LinkWithin

Related Posts with Thumbnails