Tuesday, January 26, 2010

අවසානයේ ඒය එසේම සිදුවිය.

හැමදෙනාම වගෙ බලාගෙන හිටපු මොහොතට තව ටික වෙලාවයි තියෙන්නේ. මම වගේම මෙ රටේ බහුතර ජනතාව පසුගිය රාත්‍රිය නිදිවර්ජිතව ගතකල බව කාටත් නොරහසක්. දැනට පෙනේන්නට තියෙන ප්‍රතිඵල අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතා මෙරට හයවන ජනදිපති ලෙස තේරී පත්වන බව පැහැදිලිවම පේනේන්නට තිබෙන කරුණක්.
සමස්තයක් ලෙස ගත් කල ඡන්ද විමසීම සාමකමී වුනත්, ඇතැම් ස්තනයන්හිදී සුලු සුලු ප්‍රචන්ඩ ක්‍රියාවන් සිදුවී ඇති බවයි සදහන් වෙන්නේ. මෙම ප්‍රතිඵල විශ්ලේශනය කිරිමෙදී මට තෙරෙන විදිහට, මෙරට ජනතාව මෙම ජනාධිපතිවරණය 30 වසරක් පැවති දරුණු යුද්ධය නිමා කිරීමට මුල්තැන ගෙන කටයුතුකල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශට කළගුණ සලකීම සදහා පවිච්චිකර ඇති බවයි.
මැතිවරණ සමය තුල විපක්ශය විසින් ඔහු වෙත කොතෙකුත් දුශණ චොදනාවන් ඉදිරිපත් කලත් මෙම ප්‍රතිඵල අනුව පහදිලිවන්නේ මහජනතාව එය ප්‍රතික්ශේප කර අති බවත්, යුද්ධයේ වැඩි ගෞරවය මහින්දට ලබාදීමට කැමති බවත්ය. එසේම විපක්ශයේ පොදු අපේශකයා බොහොවිට යුද්ධය පිළිබද ප්‍රකශ කල කරුණුද ප්‍රතික්ශේප කර ඇති බවකි.
කෙසේ වෙත්තත් UNPසහ JVP යන දැඩි විරුද්ධ වාදී පක්ශ 2 හි අති නොගැලපීමද මෙහිදී ඉස්මතු වීමත් විශේශත්වයක්. මන්ද බොහොමයක් ආසනයන්හිදි පසුගිය ජනධි පතිවරණයට සාපේක්ශව පොදු අපෙක්ශකයට ලබී ඇති ඡන්ද ප්‍රමාණය විශාල ලෙස අඩුවීතිබීමයි.

ඔබ සැමට සුබ අනාගතයක්.... !!!

No comments:

Post a Comment

LinkWithin

Related Posts with Thumbnails