Thursday, March 4, 2010

Column ඒකේ ඇති HTML ටැග් ඉවත් කරන්න SQL වලින්

අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ මතෘකාවක් ගැන. හුගක් දවසක ඉදන් Technical මොනව හරි ලියන්න ඔනෙ කියල හිත හිත හිටියට වඩේ කෙරුනේ නෑ... ඔන්න අද එකට මුල්ගල තියන්නයි හදන්නේ. මේ දවස් වල මම office එකේ කරන්නේ data migration වැඩක්. එ කියන්නේ, වෙනත් වර්ගයක Database එකක් තියන දත්ත අපිට අවශය්‍ය කරන Database එකකට මරු කිරීමකුයි. මෙක ටිකක් විදිහේ අලුත් අත්දැකීමක් නිසා මම් හිතුව ඒ අත්දැකිම් සටහන් ගත කරන්න. හොදයි, දැන් මම් කියන්නම් අද මම කියන්න යන්නේ මොකක් ගැනද කියලා.
හිතන්න් මෙන්න මෙ වගේ අවස්තාවක්,
පැරණි Database තියන ඒකේ තියන දත්තයන් ඒ කියන්නේ.... Database record එකක්, එහෙමත් නැත්නම් Column එකක තියන දත්තයන් තියෙන්නේ HTML විදිහට, උදාහරණයක් විදිහට ගත්තොත්

මෙන්න මේ වගේ, හොදයි, හිතන්න ඔයලට ඔනේ කියලා මෙම Column ඒකේ තියන දත්ත වලින් HTML ඉවත් කරල string එක විතරක් ගන්න ඔනේ කියල SQL වලින්...අන්න ඒ වගේ වෙලවට ප්‍රයොජනයට ගන්න පුලුවන් Code කැල්ලක් ගැනයි.
වැඩිය අමාරු දෙයක් නෙමෙයි. මමත් මේ ගැන අන්තර්ජලයේ google සෙවුම් යන්ත්‍රයෙන් හොයා බලනකොට කීපයක්ම හම්බවුනා. එත් මම දැන් කියන්න යන්නේ එවගේන් වඩත්ම ලෙසියෙන් වගේම පහසුවෙන් කරගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි.


මේ Code එක පවිච්චිකරලා අපේ වැඩේ පහසුවෙන්න කරගන්න පුලුවන්. දැන් ඔයලට මේ ලියලා තියන sql function එක මෙ විදිහට callකරන්න පුලුවන්.


එතකොට ඔයාලට මෙන්න මෙ වගේ ප්‍රතිඵලයක් ලබා ගන්න පුලුවන්.

Some Name SOME HTML text after the body

මෙතන ලොකු මැජික් එකක් නෑ... පහසුවෙන්ම කරන්නේ අපි ලබාදෙන string එකේ හියන <> ටැග් ඇතුලේ ඇති දේවල් ඉවත් කරන එකයි. හොදයි එහෙනම් අයෙත් මේ වගේම තොරතුරක් අරගන හම්බවෙමු..සැමට ජය...!!!

3 comments:

  1. Sql code kella edit karanna puluwan akarayath keyala dennako.html tag ekak ethule theyana samahara words ethuru karaganne kohomada.

    ReplyDelete
  2. මේක MySql වල පුළුවන්ද?

    ReplyDelete
  3. @ලහිරැ,
    මෙක එච්චරම අමරු දෙයක් නෙවෙයි. මොකද මෙහි භාවිතා කරල තියෙන්නේ මෙන්න මෙ වගේ logic එකක්,
    මුලින්ම function එක මගින්, දෙනු ලබන string එකේ තියන HTML ටැග් එක සන්කේතවත් කරන <> යන characters 2 ට ගැලපෙන characters හොයනවා.ඊට පස්සේ එම characters 2 ඇතුලේ තියන words ඉවත් කිරීම තම්යි සිදු කරන්නේ.

    ඔබගේ අනිත් ගැටලුවට පිලිතුර නම්, උදාහරණයක් විදිහට හිතන්න... [TableName]නමින් table එකක් තියනවා. එහි තියන එකේ [column] එකේ තියෙන value එක වෙන්නේ මම සටහනේ ඉහලින්ම දක්වල තියන අකාරයේ එකක් කියලා. දැන් ඔයාට මේ column එකේ තියන value එක html ටැග් ඉවත් කරල ලබගන්න ඔනේ නම්, මේ එක මෙන්න මේ විදිහට බවිතා කරන්න පුලුවන්.

    SELECT [dbo].[fnStripTags]([ColumnName])
    එතකොට ඔයාලට ප්‍රතිඵලය ලෙස මෙය ලබාගන්න පුලුවන්.
    'My name in Indika'
    ඒ කියන්නේ function එකට parameter විදිහට අවශය්‍ය කරන එකේ column නම දෙන්න විතරයි තියෙන්නේ.

    @ම

    ඇත්තේනම් මම මෙක MySql වලින් test කරල නම් නෑ. ඒ ගැන හොයලා බලල උත්තරයක් දෙන්නම්.

    ප්‍රතිචාරයන්ට තුති...!!!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails