Thursday, March 11, 2010

නුඹ නිසා මැයි....

අදින් තුන් වසරකට පෙර හරියටම අද වගේ දවසක වාසනාවන්ත සරසව් මෑණියන් තුලදි... ජීවිතයට අලුත් ආලෝකයක්, අලුත් බලාපොරොත්තුවක් අතිවුනා. අනේක විද දුක් කම්කටොළුවලින් පිරුණ තැලී පොඩිවී ශක්තිමත්ව දරදඩු වුන මගේ ජීවිතයට අදරය නම් වු සොදුරු සිතුවිලි තුලින් අලෝකමත්ව දිලෙන්නට වුනා.
ඒ අන් කවරකුවත් වෙනුවෙන් නොව නුඹ වෙනුවෙන් මැයි....
එදා පටන් මේතාක් දක්වා නුඹ තරම් මා තෙරුන ගත් මා වටහගත් අන් කවරකුවත් මෙලොව නති තරම් මැයි....ඉතින් සොදුර.... අද දින, හෙටින් පටන්ගන්න නව ජීවිතයේ ආරම්ඹය බව නුඹත් මාත් දනා සතය්‍යකි. එසේම ඊයේ දිනට වාඩා හෙට දින අභියොගයන්ගේන් පිරුණ දවසක් බව සැබෑවකි. නමුත් පෙරටත් වඩා අධිෂ්ඨාණයේ යුතුව, පෙරටත් වඩා ජවයකින් යුතුව අනාගතයට මුහුණදීමට තරම් මාහට වීරිය ලබේනුයේද නුඹ නිසාමය....
මේ වසර තුන තුල නුබේන් ලද පහසින් මෙගේ ජීවිතය අලෝකමත්ව දිලුනා අයුරු දෙස බලන විට වසර තුනක් නොව සසර පුරා අප ගමන් කලා සේ දැනේන්නේද නුඹේ ඇති ඉවසීමත්, කරුණාවත්, අදරයත් නිසාම නොවේද....

2 comments:

  1. හැමදාමත් සතුටින් සෙනෙහසින් ඉන්න සුභ පැතුම්....!

    ReplyDelete
  2. ඔබට බොහෝමත්ම ස්තුතියි....!!!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails