
ඒ හැම දේකටම කලින්, මේ වෙලාවේ මම ස්තුතිකරන්න ඔනේ සුමේධ ඔබේසේකර අයියට. මොකද මේ සටහන ලියන්න මූලික අඩිතාලම වැටුනේ අපේ කාර්ය්‍යාලයෙදි ඔහු විසින් පවත්තපු අනර්ඝවු දේශණය නිසයි. ඔබට මේ පෙනේන ඡායාරූපය බොහෝ විට ඔබ ඊමේල් තුලින් දැක ඇති. එත් මෙහි තියන අතුලාන්ත කතාව බොහෝදෙනෙක් නොදන්නවා වෙන්න පුලුවන්. මමත් මෙ ගැන දැන ගත්තේ කලින් මම සදහන් කරපු දේශණය මගින්. ඉතින් හැමොටම දැන ගන්නත් එක්ක ඒගැන ලියන්න ඔනේ කියල හිතුනා.මේ ඡායාරූපයෙන් කියවෙන දුක්කාන්තය ම අමුතුවෙන් සදහන් කරන්න අවශය්‍ය වෙන්නේ නෑ. මෙම ඡායාරූපයට හිමිකම් කියන්නේ කෙවින් කාටර් නම් වු දක්ෂ ඡායාරූප ශිල්පියයි.

මේ සිද්දුවීම් පෙල ප්‍රචාරය වීමති සමගම...බොහෝ දෙනා මෙම දරුවාට අයත් වු ඉරණමත් මෙහිදි කෙවින් කාටර් නම් වු ඡායාරූප ශිල්පියගේ භූමිකාවත් අභියොගයට ලක් වෙනවා. ඇතැම් විශ්ලේශකයන් මෙම ඡායාරූපය විග්‍රහ කරනුයේ මෙහි ගිජු ලිහිණියන් දෙදනකු අති බවත් ඉන් වඩාති භයානක වන්නේ කෙවින් කාටර් බවත්ය...
කෙසේ නමුත් ඒක් දිනක් තුල මුලුමහත් බටහිර ප්‍රජාවම තුලම ඔවුන්ගේ සහන සේවා ක්‍රියාදාමය නැවත නැවතත් ප්‍රශ්නාර්තයකට ලක් කීඊමට මෙන්ම... සුඩානය ඇතුලු දිලිදු රටවල් වෙත බටහිර රටවල වැඩි අවදානාකට ලක්කිරීමේලා වු සේවය වෙනුවෙන් කෙවින හට හට 1994 දි Pulitzer Prize for Feature Photography යන සම්මනයේන් පිදුම් ලබනවා.
ඡායාරූප ශිල්පියකුට තමන්ගේ මුලු ජිවිත කලෙම ලබන්න පුලුවන් උසස්ම සම්මනයේන් පිදුම් ලබුවත් මෙ තරුණ ශිල්පියගේ ජීවිතය එතරම් සතුටින් නම් ගෙවෙන්නි නෑ.1994 ජුලි මසයේ 27 වන දින ඔහු තමන් කුඩාකල කෙලිදේලෙන් ගතකල Braamfonteinspruit ගං ඉවුර අසල සිය දිවි නසා ගන්නා බව තම්යි වාර්තා වෙන්නේ. ඔහු තම ජිවිතයේ අවසාන අවදිය ඉතාමත් අවසනාවන්ත ලෙස ගතකල බව තයි සදහන් වෙන්නේ.
සටහන අවසාන කරන්න කලින් නැවත වතාව සුමෙධ ඔබේසේකරයානන්ට මගේ ස්තූතිය නැවතවරක් පුද කරන්නට කැමතියි