Tuesday, April 13, 2010

අලුත් අවුරුද්දයි පරණ අවුරුද්දයි....


අද 13 වෙනිදා... කාලෙකට පස්සේ තමයි සටහනක් ලියන්නේ, 13 වෙනි අංකය එච්චර හොද නැති දවසක් වුනාට අප්‍රේල් මාසයේ 13 කිවුහම අපෙ හිතට අමුතුම සතුටක් දැනේනව කියලයි මටනම් හිතෙන්නේ. මොකද 14 වෙනිදා අපිට අලුත් අවුරුද්ද ලබන නිසානේ. මගේ ජීවිතේ නම් හොදම අවුරුදු ගෙවුනේ මම පුංචි සන්දියෙදි. බරක් පතලක් නොතේරෙන කලෙදි...
කොහොම වුනත් පහුගිය අවුරුද්දත් එක්ක බලන කොට මේ අවුරුද්ද ලංකාවසී අපටනම් විශේශයි. දශා 3 කට පස්සේ අපි හැමොම එක කොඩියක් යටතේ සමරන පළමු අවුරුද්ද වීම නිසයි. එක අතකින් මටත් මෙ අවුරුද්ද විශේශයි.එක අතකින් මටත් මෙ අවුරුද්ද විශේශයි.පහුගිය අවුරුද්දේ මම විශ්ව විද්‍යාලයේ අවසන් වසර ශිශයේක්. අද මම රකියාවක් කරන වගකීම් දරන කෙනෙක්. අපේ ජීවිත දිහා බැලුවහම දිනේන් දිනම අපේ වගකීම් වඩිවෙනවා මිසක් අඩුවීමක් නෑ කියලයි මටනම් හිතෙන්නේ. එකයි මම මුලින්ම කිවුවේ මගේ හොදම් අවුරුදුකලේ ගෙවුනේ මම පුංචි කලේ කියලා.

ඒ දේවල් කොහොම වුනත්...

මේ ලබන්නවු නව වසර සමය සතුට පිරි වසන්නාවන්ත සුභමසුභ අලුත් අවුරුද්දක් වේව කියල හදවතින්ම ප්‍රාර්තන කරනවා....!!!

1 comment:

LinkWithin

Related Posts with Thumbnails